FAST NEWS

24×7 Around the Globe

හෂීම්ගේ තවත් අනුගාමිකයින් 07 දෙනෙකු අත්අඩංගුවට.

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන මහමොලකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ තවත් අනුගාමිකයින් 07 දෙනෙකු කාන්තන්කුඩි ඊයේ (06) ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.
කාලයක සිට මොවුන් ප්‍රදේශ කිහිපයක පුහුණුවීම් කටයුතු සිදුකර ඇති බවත්, ඔවුන් එම සංවිධානයට දායකත්වය ලබා දී ඇති බවත් වාර්තා වේ.
මේ පිලිබඳ වැඩිදුර විමර්ශන සඳහා ඔවුන්ව කාන්තන්කුඩි පොලීසියේ රදවාගෙන සිටින බවත් පොලිසිය කියයි.