FAST NEWS

24×7 Around the Globe

යාපනය විශ්වවිද්‍යාලයේ උප කුලපති රත්නම් විග්නේෂ්වරන් ඉවතට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – යාපනය විශ්වවිද්‍යාලයේ උප කුලපති රත්නම් විග්නේෂ්වරන් අදාළ ධුරයෙන් ඉවත් කර ඇති බවට බලධාරින්ගෙන් ලිපියක් ලැබී ඇති බව එම විශ්වවිද්‍යාලයේ පාලක සභාව සඳහන් කරයි.
ඒ වෙනුවට මාස 03 ක කාලයක් සඳහා නිසි බලධාරියෙකු පත් කර ඇති බවත් එම සභාව කියයි.
තමන්ට එවන් ලිපියක් මේ වන තෙක් ලැබී නොමැති බව මේ පිළිබදව උප කුලපතිවරයා ලෙස කටයුතු කරන රත්නම් විග්නේෂ්වරන් දමීළ මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.