FAST NEWS

24×7 Around the Globe

මත්තල නිසා පාර්ලිමේන්තුව උණුසුම් වේ.

මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තබනු ලැබීය.

ඒ ජාතික ආණ්ඩුවේ අමාත්‍යධුර සංඛ්‍යාව පිළිබඳව ඇතිවූ උණුසුම් තත්ත්වයක් හේතුවෙනි.

අද උදැසන මත්තල ගුවන්තොටුපොළේ ගබඩාවක වී ගබඩා කිරීමට ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ගය පිළිබඳව ද පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

ඒ විපක්ෂය මත්තල වී ගබඩා කිරීමට ගත් ක්‍රියාමාර්ගයත් පිළිබඳව විවාදයක් ඉල්ලීමත් සමඟය.

මීට පිළිතුරු දෙමින් අගමැතිවරයා සඳහන් කළේ මත්තල වී ගබඩා කිරීමට ගත් ක්‍රියාමාර්ගයත්, මත්තල ගුවන්තොටුපොළ ගැනත් විවාද දෙකක් ලබා දිය හැකි බවයි.