FAST NEWS

24×7 Around the Globe

ටී.එන්.එ හිටපු මන්ත්‍රී පියසේනට වසර 04 ක සිරදඬුවමක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – රජයේ වාහනයක් අවභාවිතා කිරීමේ චෝදනාවට වරදකරු වූ දෙමළ ජාතික සන්ධානයේ දිගාමඩුල්ල දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී පී.එච්. පියසේන මහතාට වසර 04 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණය රුපියල් ලක්‍ෂ 54ක දඩයකටද ඔහු යටත් කළේය.
පී.එච්. පියසේන මහතා පාර්ලිමෙන්තු මන්ත‍්‍රී ධූරයේ සිටියදී භාවිති කළ අග‍්‍රාමාත්‍ය කාර්යාලයට හා ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයට අයත් ප‍්‍රාඩෝ වර්ගයේ ජීප් රථය ඔහු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී ධූරයෙන් ඉවත්වීමෙන් අනතුරුව ආපසු රජයට බාරනොදී අවභාවිතා කළ බවට පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා ඔහුට මෙලෙස සිරදඬුවම් හා දඩ නියම කළේය.