(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ප්රහාරයේ මහමොලකරු ලෙස හැඳින්වෙන සහරාන් හෂීම් සහ ඔහුගේ සහෝදරයා වන මොහොමඩ් රිල්වාන් සමඟ සමීප සබඳතා පැවැත්වු බවට සැකකෙරෙන සැකකරුවන් දෙදෙනෙකු කාත්තන්කුඩි ප්රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකායේ වව්නතිව් කඳවුරේ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
2018 වසරේදී බෝම්බ නිශ්පාදනය කර ඒවා පරික්ෂා කිරීමට යාමේදී පුපුරා යාම හේතුවෙන් සහරාන් හෂීම් සහ මොහොමඩ් රිල්වාන් තුවාල ලබා ඇති අතර මෙම සැකකරුවන් විසින් ඔවුන්ට උපකාර කර ඇති බව අනාවරණය වී ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය ප්රකාශ කරයි.
මොවුන් පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා කාත්තන්කුඩි පොලීසියට බාරදී තිබේ.








