FAST NEWS

24×7 Around the Globe

රට වෙනුවෙන් එකට සිටිමු තෙවන අදියර අදින් ඇරඹේ..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ තුන්වන අදියර ග්‍රාම නිලධාරී වසම් 507 ක් ඉලක්ක කරගෙන අම්පාර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මකයි. 
එය අද (06) සිට ලබන 11 වනදා දක්වා ක්‍රියාත්මකයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන මෙම ජාතික සංවර්ධන වැඩසටහන උහන ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ පැවැත්වෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය.