FAST NEWS

24×7 Around the Globe

මඩකලපුව ප්‍රදේශයේ වැටලීමකදී ව්‍යාජ කච්චේරියක් සොයාගැනේ.

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මඩකලපුව ප්‍රදේශයේ ඊයේ (05) ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී ව්‍යාජ ලෙස පවත්වාගෙන ගිය කච්චේරියක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

එහි තිබී ව්‍යාජ ලෙස සකසන ලද රජයේ කාර්යාල 27 ක නිලධාරීන්ගේ නිල මුද්‍රා සහ ලැප්ටොප් පරිගණකයක් පොලිස් භාරයට ගෙන ඇත.

එම සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචි අවුරුදු 25 සහ 30 යන වයස්වල පසුවන්නන් වේ.