FAST NEWS

24×7 Around the Globe

මාකඳුරේ මධූෂ්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඩුබායි අත්අඩංගුවේ සිට ඊයේ (05) මෙරටට පිටුවහල් කරනු ලැබූ පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කරයි.
පැය 24 කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින අතර, දැනට ක්‍රියාත්මක හදිසි නීති රෙගුලාසි යටතේ ඔහුගෙන් මෙලෙස ප්‍රශ්ණ කිරීම් සිදුවන බව වාර්තා වෙයි.
පසුගිය පෙබරවාරි 05 වැනිදා ඩුබායිහි සංවිධාන කළ සාදයක් අතරතුර මාකඳුරේ මධූෂ් ඇතුලු 31 දෙනෙකු ඩුබායි පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ අතර , එම පිරිසෙන් 30 දෙනෙකු පසුගිය 23 වනදා වන විට මෙරටට පිටුවහල් කර තිබුණි.