FAST NEWS

24×7 Around the Globe

තව්හීද් ජමාත් සංවිධානයට ආධාර දුන් 07 ක් අත්අඩංගුවට..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – හොරොව්පතාන, මුක්කර වැව ග්‍රාමය ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී තව්හීද් ජමාත් සංවිධානයට ආධාර අනුබල ලබාදීමේ චෝදනා යටතේ සැකකරුවන් 07 ක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායට හැකිවී තිබේ.
මෙහිදී කඩුවක් , පරිගණක අමතර කොටසක් හා සී.ඩී. තැටි 48ක් , ජංගම දුරකතන 02ක් , සැක සහිත ලංකා බැංකු හා මහජන බැංකු ගිණුම් පොත් 02ක් , වලදමා තිබූ සැක සහිත හාඩ් ඩිස්ක් 18ක් , ලිපි ගොනු කට්ටල 03ක් සහ ලියාපදිංචි කර නොමැති යමහා යතුරුපැදියක්ද අත්අඩංගුවට ගෙන තිබේ.