FAST NEWS

24×7 Around the Globe

එජාප කතෝලික මන්ත්‍රීවරුන්ගෙන් මහින්දට ලිපියක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ)  – පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් අස්ථාවර හා අනාරක්‍ෂිත වී අප රට එම තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා යෝජනා මාලාවක් ඇතුළත් එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කතෝලික මන්ත්‍රීවරුන් සකස් කළ ලිපියක් ඊයේ (05) විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාට ලබාදී තිබේ.
මෙම ලිපියේ පිටපතක් ඔවුන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදී ඇත.
එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන සහ හෙක්ටර් අප්පුහාමි යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව මෙම ලිපිය සකස් කර තිබේ.
එම ලිපිය විපක්‍ෂ නායකවරයා වෙත විජේරාම නිල නිවසේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා විසින් භාරදී තිබේ.