FAST NEWS

24×7 Around the Globe

2019 වසරේ ඡන්ද හිමි නාමලේඛනය සකස් කිරීම 15 වනදා සිට..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  2019 ඡන්ද හිමි නාමලේඛනය සකස් කිරීමේ මූලික කටයුතු මේ මස 15 වැනිදා ආරම්භ වන බව මැතිවරණ මහලේකම් කාර්යාලය නිවේදනය කරයි.
මෙහිදී ඡන්ද හිමි නාම ලේඛන සදහා අවශ්‍ය ගණන් ගැනීමේ ආකෘති පත්‍ර නිවාසවලට බෙදා හැරීම 15 වැනිදා ආරම්භ කිරීමට නියමිතව ඇත.
ජුනි මස පළමුවැනිදා ගණන් ගැනීමේ දිනය වන බව අතිරේක මැතිවරණ කොමසාරිස් රසික පීරිස් මහතා සදහන් කරයි.
එමෙන්ම, 2001 වසරේ මැයි 31 වැනිදා හෝ ඊට පෙර උපත ලැබූවන් ද මෙවර ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් වීමට සුදුසුකම් ලබයි.