FAST NEWS

24×7 Around the Globe

මාකඳුරේ මධූෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කෙරේ…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඩුබායි අත්අඩංගුවේ සිටි ප්‍රබල මත් ජාවාරම්කරු මාකඳුරේ මධූෂ් මෙරටට පිටුවහල් කරනු ලැබූ අතර අද (05) අලූයම 5.00 ට පමණ කටුනායක ගුවන් තොටුපලේදී ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගනු ලැබීය.
මනුෂ්‍ය ඝාතන ඇතුලු දරුණු අපරාධ රැසකට සම්බන්ධ මාකඳුරේ මධූෂ්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සදහා CID භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
පසුගිය පෙබරවාරි මස ඩුබායිහි පැවති සාදයක් අතරතුර මාකඳුරේ මදුෂ් ඇතුළු පුද්ගලයින් 31 දෙනෙකු ඩුබායි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.