FAST NEWS

24×7 Around the Globe

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි .

දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරුමැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මි.(40-45) දක්වා තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි .

සබරගමුව, මධ්‍යම, දකුණු, බස්නාහිර සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගාල්ල, මාතර, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී.75 පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.