මොරගහහේන ප්‍රදේශයේදී ව්‍යාජ ලෙස රාජ්‍ය ලේඛන සහ නිළ මුද්‍රා සකසන ස්ථානයක් සහ පුද්ගලයෙකු ද එහි සිටි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරු සන්තකයේ තිබී උප්පැන්න ලියා පදිංචි කිරිමේ පෝරම 27ක්, විවාහ ලියාපදිංචි කිරීමේ පෝරම 27ක්, උප්පැන්න සහතික 25ක්, විවාහ සහතික 25ක් සහ රජයේ රබර් මුද්‍රා 11ක් ද සොයාගෙන තිබු බව පොලිසිය පවසයි.
මේ පිළිබද වැඩිදුර විමර්ශන සඳහා සැකකරු මොරගහහේන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.








