FAST NEWS

24×7 Around the Globe

අමාත්‍යාංශය කාර්යාලයකින් අපහාසාත්මක ලිපි මුද්‍රණයට ගැනෙන යන්ත්‍ර දෙකක්..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක වෙළද මධ්‍යස්ථානයේ නැගෙනහිර කුළුණේ 36 වන මහලේ පිහිටි රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශය කාර්යාලයකින් අපහාසාත්මක ලිපි මුද්‍රණය සදහා යොදා ගත් බවට සැක කෙරෙන පරිගණක යන්ත්‍රයක් සහ ඡායා පිටපත් යන්ත්‍රයක් පොලිස් භාරයට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (02) අත්අඩංගුවට ගත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනා තවදුරටත් කොළඹ අපරාධ කොට්ඨාශ භාරයේ පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර සදහන් කළේය.