FAST NEWS

24×7 Around the Globe

ප්‍රහාරයෙන් පසු ලංකාවට පැමිණෙන පුද්ගලයින්ගේ විශාල අඩුවක්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අප්‍රේල් 21 වනදා ප්‍රහාරයෙන් පසු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් මෙරටට ඇතුළු වන පුද්ගලයින් සංඛ්‍යාවේ කැපී පෙනෙන අඩුවක් සිදුව තිබෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැඩබලන පාලක පසන් රත්නායක මහතා කියා සිටියේය.
විදේශීය සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක් ද දක්නට ලැබෙන බව ඔහු පැවසීය.
සාමාන්‍යයෙන් දිනකට මගීන් 7000 ක් පමණ ගුවන් තොටුපළින් මෙරටට ඇතුළුවන නමුත් ප්‍රහාරයෙන් පසු එම සංඛ්‍යාව දළ වශයෙන් 2000 දක්වා පහළ බැස ඇති බවත් ඔහු පෙන්වාදෙයි.
මෙම ප්‍රහාරයෙන් පසු බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව ද තර කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.