(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මධ්‍ය-බටහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අතිශයින් චණ්ඩ සුළි කුණාටුව (‘ෆොනී’) මැයි 03 වන දින පෙ.ව. 08.30 වන විට යාපනය සිට ඊසාන දෙසින් කි.මී.1250 පමණ දුරින් උතුරු අක්ෂාංශ 19.6 ත් නැගෙනහිර දේශාංශ 85.7 ත් ආසන්නව (ඉන්දියානු ගොඩබිමට ඇතුල් වෙමින්) පවතින බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (03) මධ්‍යහනයේ නිකුක් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
මෙම පද්ධතිය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් උතුරට බරව ඊසාන දෙසට ගමන් කරනු ඇතැයි අනුමාන කෙරේ.මේ නිසා මෙම පද්ධතියෙන් දිවයිනට වන බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවත් එම නිවේදනයෙන් කියැවේ.
අද (03) දිනය තුළ දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් අම්පාර,මොනරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මි.50 දක්වා තද සුළං බලාපොරොත්තු වේ.
සබරගමුව, මධ්‍යම, දකුණු සහ බස්නාහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයන්දඇති විය හැකි බව සඳහන්.
වයඹ, නැගෙනහිර,ඌව සහ උතුරු-මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.