FAST NEWS

24×7 Around the Globe

සංක්‍රමණිකයන් 50 දෙනෙකු රැගෙන නවසීලන්තය බලා යද්දී අතුරුදහන් වූ බෝට්ටුව සොයා දෙන්නැයි මදන්ගිරි ජනයා ඉල්ලයි

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අනවසර සංක්‍රමණිකයන් 50 දෙනෙකු රැගෙන නික්ම ගිය ධීවර බෝට්ටුවක් පිළිබඳ මේ වන තෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැතැයි මදන්ගිර් ජනයා පවසයි.
කේරලයේ මුනම්බම් වරායෙන් පසුගිය ජනවාරි 21 වැනිදා මෙම බෝට්ටුව නවසීලන්තය බලා පිටත් ව ගොස් තිබේ.
බලධරයන් විශ්වාස කරන්නේ ඉන්දුනීසියාව හා ඔස්ට්‍රේලියාව අතර කුණාටු බහුල රළු මුහුදේ සංක්‍රමණිකයන් ගමන් කරමින් සිටි බෝට්ටුව ගිලී යන්නට ඇති බව ය.
ජනවාරි මස අගභාගයේ දී, මදන්ගිරි සිට පිටත් වූ 50 දෙනෙකු පමණ එම බෝට්ටුවේ සිටි බව පොලිසිය ද ගණන් බලා තිබේ.
තොරතුරක් අහිමි මෙම පිරිසේ ඥාති පවුල් කිහිපයක උපකාරය සඳහා දේශපාලනඥයකු වන ගෝපාල් රායි දිල්ලි පොලිසිය වෙත ලිපියක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටින්නේ පොලිස් කොමසාරිස් හා විදේශ කටයුතු විදේශ කටයුතු අමාත්‍යංශයේ උපකාර අතුරුදහන්වූවන්ගේ පවුල් සඳහා වුවමනා බව යි. මෙම පවුල්වලට උපකාර කිරීමට ඉල්ලා සිටියි.
“මෙම පවුල් බොහොමයක් දුප්පත් අය වන අතර ඔවුන්ගේ ඥාතීන් ගැන සොයා බැලීමට කේරලයට යාමට ඔවුන්ට හැකියාවක් නෑ. එනිසා මේ පිරිසට දිල්ලි පොලිසියේ උදව් අවශ්‍යයි. ‘ යැයි ගෝපාල් රායි පවසයි.