FAST NEWS

24×7 Around the Globe

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරික්ෂණ වාර්තා කඩිනමීන්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වන විද්‍යාගාර පරීක්ෂණ කටයුතු මේ දිනවල සිදු කෙරමින් පවතින බවත් අදාළ පරීක්ෂණවලින් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් වන තාක්ෂණික වාර්තාවක් නිකුත් කිරීමට කඩිනමීන් කටයුතු කරන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.
පිපිරීම සඳහා යොදා ගත් රසායනික ද්‍රව්‍ය, පුපුරණ ද්‍රව්‍ය ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙම පරීක්ෂණ කටයුතුවලින් තහවුරු කර ගැනීමේ හැකියාව පවතී.
ඊට අමතරව පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ විදෙස් ජාතිකයින්ගේ ඩී. එන්. ඒ පරීක්ෂණ වාර්තා නිකුත් කිරීමද මේ දිනවල සිදු කෙරේ.
අදාළ වාර්තා නිකුත් කිරීම සම්බන්ධයෙන් ප්‍රමුඛත්වයක් ලබාදී කටයුතු කරන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කියයි.