FAST NEWS

24×7 Around the Globe

මහනුවර පාසල් දෙසතියකින් ආරම්භ කරන්නැයි විදුහල්පතිවරුන් ඉල්ලයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින තත්ත්වය හමුවේ මහනුවර පාසල් ඇරඹීම තවත් සති දෙකකින් පමණ කල් දමන ලෙස මහනුවර  පාසල් රැසක විදුහල්පතිවරුන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගෙන් ඉල්ලීමක් කොට තිබේ.
මේ සම්බන්ධයෙන් පෙරේදා (01) දිනයේදී විදුහල්පතිවරු හා ආණ්ඩුකාරවරයා අතර සාකච්ඡාවක් පවත්වා ඇති අතර , එහිදී ඇතැම් ප්‍රදේශ තවමත් සෝදිසි මෙහෙයුම් වලට ලක්ව නොමැති බැවින් පාසල් දරු දැරියන්ගේ ආරක්ෂාව පිළිබඳව විමසිලිමත් වියයුතු යැයි විදුහල්පතිවරු දන්වා ඇත.
ඒ අනුව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට කඩමින් තීරණයක් දැනුම් දෙන බව ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා මහනුවර ප්‍රදේශයේ පාසල්වල විදුහල්පතිවරුන්ට එහිදී දැනුම්දී තිබේ.