FAST NEWS

24×7 Around the Globe

නව පාර්ලිමෙන්තුවේ විපක්ෂනායකවරයා ආර්.සම්බන්ධන්.

8 වැනි පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරයා ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් පත්කර තිබෙනවා. ඒ මේ වන විට පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම අතරතුරදීයි.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය තමන්ට ලබාදිය යුතු බව දෙමළ ජාතික සන්ධානය මීට පෙර ප්‍රකාශ කළා. එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 56 දෙනෙකුගේ අත්සනින් යුතුව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම විපක්ෂ නායක කළ යුතු බවට ජනාධිපතිවරයා වෙත ලිපියක්ද යොමුකර තිබුණා.