FAST NEWS

24×7 Around the Globe

සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් කැඳවේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා විභාග දෙපාර්තමේන්තුව අයදුම්පත් කැඳවා තිබේ.
අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය මෙම මස 24 වැනිදා බව විභාග දෙපාර්තුමේන්තුව පවසයි.
පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් මේ වන විට පාසල්වලට යවා ඇතැයි ද, පෞද්ගලික අයදුම්කරුවන් සඳහා වන අයදුම්පත් ජාතික පුවත්පත්වල පළ කර ඇතැයි ද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.