FAST NEWS

24×7 Around the Globe

පාස්කු ඉරුදින ප්‍රහාරයේ කමීටු වාර්තාව විපක්ෂ නායකට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාස්කු ඉරුදින ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය පිළිබඳව හා රටේ වත්මන් ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව සොයා බලා වාර්තාවක් සකස් කිරීමට පත්කළ කමිටුවේ වාර්තාව කොළඹ, විජේරාම මාවතේ පිහිටි විපක්‍ෂනායක නිලනිවසේදී හිටපු ආරක්‍ෂක ප‍්‍රධානීන් විසින් ඊයේ (02) විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාට බාර දී තිබේ.
හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසුන්දර, හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන්ත ගුණතිලක හා හිටපු නාවුක හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහත්වරුන් එම වාර්තාව විපක්‍ෂ නායකවරයාට බාරදුන් බව විපක්ෂ නායක මාධ්‍ය ඒකකය පවසයි.