FAST NEWS

24×7 Around the Globe

ලිපි 600ක් සමඟ අත්අඩංගුවට ගත් තිදෙනා සී.සී.ඩී යට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මධ්‍යම තැපැල් හුවමාරුවේදී ඊයේ (02) ලිපි 600ක් සමඟ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අද (03) කොළඹ අපරාධ කොට්ඨාශය වෙත බාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
අදාළ ලිපි තොගය ලංකාව පුරා ඇති විවිධ විහාරස්ථානවලට යොමු කර තිබී ඇති අතර ලිපි පිළිබඳ සැක සිතීමෙන් අනතුරුව කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ නිලධාරීන් විසින් ඒ බව ‍පොලීසියට දැනුම් දී තිබේ.
අදාළ ලිපි සඳහා ජනාධිපතිවරයාගේ නම ඇතුළත්ව තිබී ඇති අතර, ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ හා රාජ්‍ය විරෝධී කරුණු රැසක් එහි සඳහන්ව තිබී ඇති බව පැවසේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ කාර්ය මණ්ඩලට අයත් සාමාජිකයින් බවද වැඩි දුරටත් අනාවරණය වි ඇති බව කියැවේ.