FAST NEWS

24×7 Around the Globe

මරාගෙන මැරෙන බෝම්බකරුවන් පළඳින ජැකට්ටුවක් කාත්තන්කුඩියෙන් සොයා ගැනේ..

(ෆාස්ට් නිව්ස්  – කොළඹ) -කල්මුණේ සයින්දමරුදු සුනාමි ගම්මානයේ නිවසකදී ඉකුත් 26 වැනිදා  මරාගෙන මැරුණු ත‍්‍රස්ත‍්‍රවාදියකු වූ මොහොමඩ් කාසිම් මොහොමඩ් රිල්වාන්ගේ බිරිඳගේ නිවසේ තිබී මරාගෙන මැරෙන බෝම්බකරුවන් පළඳින ජැකට්ටුවක්  අද(02) සොයා ගත් බව කාත්තන්කුඩි පොලිසිය කියයි.

එම කාන්තාව පදිංචි කාත්තන්කුඩි  පහ, ආරියම්පති නැගෙනහිර කොටසේ, අයිරම් මාවත ප‍්‍රදේශයේ නිවස සෝදිසියට ලක් කළ අවස්ථාවේ මෙම ජැකට්ටුව හමුවී ඇත.

මීට අමතරව ජංගම දුරකථන 4ක්, බැංතු ගිණුම් පොත් සහ හැදුනුම්පත් කිහිපක්ද තිබී සොයාගෙන ඇත

එම ජැකට්ටුවේ තිබී කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් නොතිබූ බව ද පොලිසිය සඳහන් කරයි.

මෙම නිවසේ සිටි රිල්වාන්ගේ මාමණ්ඩිය හා නැන්දණිය ද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව මෙම සෝදිසි මෙහෙයුම සිදු කර ඇත.

සැකකරුවන් දෙදෙනා හා බෝම්බ ඇදුම් කට්ටලය වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදීමට නියමිත බවත් පැවසේ