FAST NEWS

24×7 Around the Globe

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහ ලේකම් අගමැති හමුවෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහ ලේකම් මිගෙල් ඇන්හෙල් මොරටිනෝස් (H.E. Miguel Ángle Moratinos) මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිය ශෝකය පළකර ඇති බව අග්‍රමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.
ශ්‍රී ලංකා රජයට පූර්ණ සහය ලබා දෙන බවට සහතික වන බවත් මෙම දුෂ්කර අවස්ථාවේ දී සමස්ත ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාව සමඟ සිටින බවද ඔහු අවධාරණය කර තිබේ.
එසේම ශ්‍රී ලංකාවට පැමිණ පුද්ගලිකවම අග්‍රාමාත්‍යවරයා හමු වී, ශ්‍රී ලංකා රජය වෙත සිය කණගාටුව පළකරන ලෙස ද, මේ අවස්ථාවේ සමස්ත එක්සත් ජාතීන්ගේ සංවිධාන ව්‍යුහය ශ්‍රී ලංකා රජය ශක්තිමත් කිරීමට ඇප කැප වී සිටින බව දන්වන ලෙසද, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා විසින් තමන් වෙත දන්වා සිටි බවද නියෝජ්‍ය මහලේකම්වරයා මෙහිදි ප්‍රකාශ කළ බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.