FAST NEWS

24×7 Around the Globe

අනුරාධපුර නගරයෙන් සුදු ඇදුම් කට්ටල 36 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිසියට ලද තොරතුරකට අනුව අනුරාධපුර නගරයේ වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී එහි පොහොර උරයක බහා තිබූ සුදු පැහැති කාන්තා ඇඳුම් කට්ටල 36 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිහාරියේ පදිංචි 41 හා 47 වියේ පසුවන මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙක් බවත් වාර්තා වෙයි.
අදාළ ඇඳුම් තොගය සයින්දමරුදු ප්‍රදේශයේ තිබී සොයාගත් සුදු ඇඳුම්වලට සමානදැයි යන්න පිළිබඳව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.