FAST NEWS

24×7 Around the Globe

හිස පමණක් ආවරණය කර පැමීණෙන්නන් අපහසුතාවට පත් නොකරන්න – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මුහුණූ ආවරණය නොවන ආකාරයට හිස පමණක් ආවරණය වන පරිදි පමණක් ඇදුම් ඇඳගෙන පැමීණෙන්නන් අපහසුතාවයට පත් නොවන ලෙස කටයුතු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද(02) සෞඛ්‍ය අංශ වෙත ලිපියක් මගින් අවධාරණය කර තිබේ.
පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් අනතුරුව පවතින දැඩි ආරක්ෂිත ක්‍රියාමාර්ග හමුවේ සෞඛ්‍ය සේවා පතන්නන් අදුනා ගැනිමේ ක්‍රියාවලියට අදාළව පදනම් වෙමීන් මෙම ලිපිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා අදාළ අංශ වෙත යොමු කර තිබේ.