FAST NEWS

24×7 Around the Globe

කටුනායක ගුවන්තොටුපළට නවීන තාක්ෂණයෙන් යුත් උපකරණ..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ගුවන්සේවා ලබා ගන්නා මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස අවශ්‍ය කඩිනම් පියවර ගැනීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු වී ඇත.
ඒ , පසුගියදා මෙරටට එල්ල වූ මිලේච්ච ත්‍රස්ත ප්‍රහාරය වැනි ත්‍රස්තවාදී කටයුතු ඉදිරියේදී ඇතිවීම වැළැක්වීමේ අරමුණින්ය.
ඒ සදහා මගී ගමන් මළු සහ භාණ්ඩ පරීක්ෂා කිරීමේ නවීන තාක්ෂණයෙන් යුත් උපකරණ මිලදී ගෙන ස්ථාපිත කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාව සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව ඇත.