FAST NEWS

24×7 Around the Globe

රටේ ආරක්ෂාව වෙනුවෙන් සිවිල් ආරක්ෂක භටයින් 20,000 ක්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රට තුළ ඉදිරියේ දී සිදුකිරීමට නියමිතව ඇති ආරක්ෂක කටයුතු වෙනුවෙන් සිය භටයින් 20,000 ක් පමණ අනුයුක්ත කිරීමට සූදානම් බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සදහන් කරයි.
පාසල් සහ ආගමික ස්ථාන ඇතුළු පොදු ස්ථාන සදහා ආරක්ෂාවට ඔවුන් යොදවනු ඇති බව වාර්තා වෙයි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මේ වන විට පුහුණු භටයින් 35,000 ක් සිටින අතර , ඉන් 4,000 ක් පමණ කොළඹ නගරය ආශ්‍රිතව රාජකාරීවල නිරත වෙයි.