FAST NEWS

24×7 Around the Globe

21 වනදා ප්‍රහාරය සම්බන්ධයෙන් වන විද්‍යාගාර පරීක්ෂණ කටයුතු සිදුකෙරෙයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය 21 වනදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විද්‍යාගාර පරීක්ෂණ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතින බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සදහන් කරයි.
අදාළ පරීක්ෂණ වලින් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් වන තාක්ෂණික වාර්තාවක් නිකුත් කිරීමට කටයුතු කරන බවත් , පිපිරීම සඳහා යොදා ගත් රසායනික ද්‍රව්‍ය, පුපුරණ ද්‍රව්‍ය ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙම පරීක්ෂණ කටයුතු වලින් තහවුරු කරගත හැකි බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ විදෙස් ජාතිකයින්ගේ ඩී.එන්.ඒ පරීක්ෂණ වාර්තා නිකුත් කිරීම ද මේ දිනවල සිදුකරන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.