FAST NEWS

24×7 Around the Globe

පළාත් කීපයකට අද (02) මිලි මීටර් 100 ක පමණ තද වැසි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ‘ෆොනී’ සුළි කුණාටුව හේතුවෙන් දිවයිනේ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර තද සුළං සහ තද වැසි තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විශේෂයෙන් මධ්‍යම කඳුකර ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද, ඌව සහ දකුණු පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 60 දක්වා තද සුළං අපේක්ෂා කළ හැක.
දිවයිනේ සබරගමුව, මධ්‍යම, දකුණු, බස්නාහිර, ඌව සහ වයඹ පළාත්වල සහ මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ක පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මෙම පද්ධතිය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් උතුරට බරව ඊසාන දෙසට ගමන් කර ඉන්දියාවේ ඔඩිස්සා වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අනුමාන කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.