FAST NEWS

24×7 Around the Globe

සහරාන්ගේ බාල සොහොයුරිය අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන මොහොමඩ් සහරාන්ගේ බාල සොහොයුරියක වන මොහොමඩ් කාසිම් මොහොමඩ් නියාස් මදනියා මඩකළපුව පොලිසිය මගින් කාත්තන්කුඩි ප‍්‍රදේශයේදී ඊයේ (01) සවස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සතුව තිබී රුපියල් ලක්ෂ 20ක මුදලක් සොයා ගත් බවද පැවසේ.
පාස්කු ප‍්‍රහාරයට දින කිහිපයකට පෙර සහරාන් එම මුදල තමන්ට දුන් බවට පොලිස් ප‍්‍රශ්න කිරීමේදී ඇය පවසා තිබේ.