FAST NEWS

24×7 Around the Globe

මධූෂ් ලංකාවට පිටුවහල් කිරීම ගැන තීරණාත්මක තීන්දුව අද (02)..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වන විට ඩුබායි අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධූෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව එරට අධිකරණයක් විසින් අද (02) ලබාදීමට නියමිතය.
මදූෂ් විසින් තමන් පිටුවහල් කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ගොනුකරන ලද අභියාචනය තීන්දුව මෙලෙස ලබාදෙනු ඇත.
ඩුබායි හි හෝටලයක පැවති සාදයකදී මධූෂ් සමග අත්අඩංගුවට ගත් ලාංකිකයන් 31 දෙනා අතරින් 30 දෙනෙකු මේ වනවිට දිවයිනට පිටුවහල් කර එවනු ලැබීය.