FAST NEWS

24×7 Around the Globe

“කොළඹට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව 50%කින් පහත වැටෙයි “

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර නිසා ඉදිරි මාස දෙකක කාලයේදී කොළඹට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව 50%කින් පහත වැටෙනු ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති කිෂූ ගෝමස් මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර පැවැති සංචාරක සමුළුවකදී මාධ්‍යවේදීන් අමතමින් සඳහන් කළේය.
එම ප්‍රහාර මාලාව නිසා කොළඹින් පිට ප්‍රදේශවලට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව 30%කින් පමණ අඩුවනු ඇතැයි ද ඔහු කීය.