FAST NEWS

24×7 Around the Globe

එ.ජා. නියෝජ්‍ය මහලේකම්ගෙන් ජනපතිට පැසසුම්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාස්කු ඉරිදා ප‍්‍රහාරයට පසු ත‍්‍රස්තවාදයට එරෙහිව ක්ෂණික පියවර ගනිමින් හා සාර්ථක මෙහෙයුම් දියත් කරමින් ත‍්‍රස්තවාදය පාලනය කිරීමට නායකත්වය ලබාදීම මගින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ලෝකයට අගනා ආදර්ශයක් සපයා ඇති බව ශිෂ්ටාචාරයන්ගේ සන්ධානය සඳහා වූ එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් Miguel Angle Moratinos මහතා පවසයි. 
දිවයිනට පැමිණ සිටින එක්සත් ජාතින්ගේ නියෝජ්‍ය මහ ලේකම්වරයා ඊයේ (30) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු වු අතර ජනාධිපතිතුම ගෙන යන ත‍්‍රස්ත විරෝධි වැඩපිළිවෙළ වෙනුවෙන් එක්සත් ජාතින්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත සිය ප‍්‍රසාදය පළ කිරීමට ද ඒ මහතා කටයුතු කළේය.