(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මෙරට සංචාරක ව්‍යාපාරයට ඇති වූ බලපෑම හමුවේ සංචාරක ව්‍යාපාරය සංවර්ධනය සඳහා ගත යුතු ඉදිරි පියවර සොයාබැලීමට ඇමැති ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකමිටුවක් පත් කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (30) පැවැති කැබිනට් රැස්වීමේදී කටයුතු කර තිබේ.
එම කමීටුවටමලික් සමරවික්‍රම, අර්ජුන රණතුංග, දයා ගමගේ, වජිර අබේවර්ධන, ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න යන ඇමැතිවරු පත් කර ඇත.
අදාළ කමිටුව අනිද්දා (02) රැස්වීමට නියමිතය.






