FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප මන්ත්‍රීන්ට ඇමති ධුර දීම ගැන විරෝධයක් මතු වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඇමති ධුර ලබාදීමට යෑම සම්බන්ධයෙන් පුරවැසි බලය සංවිධානය සිය විරෝධය පළ කරයි.

මරදාන ඩීන්ස් පාරේ පිහිටි සමාජ හා සාමයික කේන්ද්‍රයේදී අද (02දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ එම සංවිධානයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ ඇමති ධුර දරමින් සමාජ විරෝධී ක්‍රියාවල යෙදුණු පුද්ගලයන්ට ආණ්ඩුවේ ඇමති ධුර ලබාදුනහොත් යහපාලනයක් බලාපොරොත්තු විය නොහැකි බවයි.

ජාතික ආණ්ඩුව සම්බන්ධව නිශ්චිත කාලයක් ප්‍රකාශයට පත්කර තිබුණද, තවම ඒ වෙනුවෙන් නිශ්චිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නැති බවද ඔහු කීය.