FAST NEWS

24×7 Around the Globe

තව්හිත් වලට සම්බන්ධව සැකපිට සිව්දෙනෙකු ඇතුළු 06 ක් අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වාරියපොළ පොලිසිය සහ යුධ හමුදාවේ නිළධාරීන් 150 ක් පමණ එක්ව එම ප්‍රදේශයේ අද (30) සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී තව්හිත් ජමාත් සංවිධානයට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයින් සිව්දෙනෙකු ඇතුළු 06 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පිරිස සන්තකයේ තිබී පව්පික් ජමාත් සංවිධානයේ සීඩී තැටි, අත්පත‍්‍රිකා, ලැප්ටොප් පරිගණකයක්, ලියකියවිලි ඇතුළු භාණ්ඩ ආරක්ෂක අංශ බාරයට ගෙන තිබෙන අතර , කඩුවක්, පිහි කීපයක් ඇතුළු ආයුධ ළඟ තබාගත් දෙදෙනෙක්ද පොලිස් අත්අඩංගුවට පත්විය.
වාරියපොළ- බණ්ඩාර කොස්වත්ත නගරයේ නිවාස කීපයක් සහ මුස්ලිම් පල්ලි කීපයක් ද මෙහිදී සෝදිසියට ලක්විය.