FAST NEWS

24×7 Around the Globe

නිදහස් පක්ෂ මැයි දින සැමරුම හෙට (01) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සංවිධානය කරන මැයි දින සැමරුම් උත්සවය හෙට (01) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිතය.
ආරක්ෂිත මව්බිමක් – ජවය පිරි වැඩබිමක් තේමාව යටතේ පැවැත්වෙන මෙම සැමරුම් උත්සවයේදී පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අයට පිං පැමිණවීම සිදුකරන බව රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා අද (30) පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේය.