FAST NEWS

24×7 Around the Globe

සිරියානු මුදල් සමග සැකකරුවෙක් පාදුක්කේදී අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් කට්ටල, සිරියානු මුදල් හා තවත් භාණ්ඩ රාශියක් සමග ත්‍රිකුණාමලය ගෝපූර්වල සිටි පැමිණි කාන්තාවක් සමග පාදුක්ක පිටිවල පාරේ කාමරයක නැවතී සිට මුස්ලිම් ජාතිකයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
පාදුක්ක පොලිසිය විසින් සිදුකළ මෙම වැටලීමේදී අදාළ සැකකාර පුද්ගලයා රැදී සිටි කාමරයේ තිබී ජංගම දුරකතන 08 ක්, ගුවන් ගමන් බලපත්‍රයක්, සිරියානු පවුම් 100ක්, ඩිනාර් දහසක් සහ ලොරියක් හා යතුරු පැදියක් පොලිස් භාරයට ගෙන ඇත.