FAST NEWS

24×7 Around the Globe

කිතුණු දේව මෙහෙයන් ලබන ඉරිදා සිට නැවතත්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය 21 වන පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් පසු කිතුණු දේවස්ථාන තුළ දේව මෙහෙයන් නැවතත් ලබන ඉරිදා සිට සිදුකරන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේය.
ඒ වෙනුවෙන් ආරක්ෂක අංශ සහ දේවස්ථානවල සිටින ආරක්ෂක කමිටු හරහා විශේෂ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කරන බවයි උන්වහන්සේ පැවසීය.