FAST NEWS

24×7 Around the Globe

ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලය සාක්ෂි ගැනීම අරඹයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අප්‍රේල් 21 වනදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලය මේ වන විට අදාළ පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සහ සාක්ෂි සටහන් කර ගැනීම ආරම්භ කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මෙම පරීක්ෂණ මණ්ඩලයට අයත් වෙයි.
මීට සම්බන්ධ තොරතුරු සති දෙකක් ඇතුළත වාර්තා කරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.