FAST NEWS

24×7 Around the Globe

ඉරිදා දේව මෙහෙයන් පැවැත්වෙනවා..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කිතුනු දේවස්ථාන තුළ ලබන ඉරිදා සිට දේව මෙහෙයන් සිදුකරන බව  මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ බොරැල්ල අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී  අගරදගුරුතුමෝ මේ බව පැවසූහ.
ආරක්ෂක අංශ සහ දේවස්ථන වල සිටින ආරක්ෂක අංශ කමිටු හා එක්ව ඒ සඳහා වැඩසටහනක් ක‍්‍රියාත්මක කරන බවද අගරදගුරුතුමෝ සඳහන් කළහ.
එහිදී විශේෂ ආරක්ෂක වැඩපිළිවළක් ක‍්‍රියාත්මක කරන බවත් සඳහන් කළ උන්වහන්සේ ඒ සඳහා අවශ්‍ය සහයෝගය ආරක්ෂක අංශ වෙත ලබා දෙන ලෙසද ක‍්‍රිස්තියානි බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කළේය.