FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධයේ මැයි දින රැළියත් අත්හිටුවයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂය එක්ව පැවැත්වීමට සංවිධානය කර තිබූ මැයි දින පෙළපාලිය අත්හිටුවීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ අද පෙරවරුවේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදි තීරණය කර තිබේ.‍
රට තුළ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බවත් සාකච්ඡාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා කියා සිටියේය.