FAST NEWS

24×7 Around the Globe

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සුළු පක්ෂ වලට අසාධාරණයක් නොවීය යුතුයි – රිෂාඩ් බදුදීන්

ශ්‍රී ලංකාවේ අටවන පාර්ලිමෙන්තුවේ මංගල සභාවාරය ඊයේ (02) ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදි නව පාර්ලිමෙන්තුවේ කතානායකවරයා ලෙස එක්සත් ජාතික පෙරමුණෙන් තරඟ කර පාර්ලිමෙන්තුවට පත් වු කරු ජයසුරිය මහතා නිතරගයෙන් තෙරී පත්විය.

එහිදි නව කතානායකවරයාට සුභ පැතිමේ අවස්තා සියලු පක්ෂ නායකයින්ට හිමී විය.

එහිදි මංගල පාර්ලිමේන්තු සභාව ඇමතු සමස්ත ලංකා මක්කල් ක්‍රොංග්‍රසයේ නායක රිෂාඩ් බදුදීන් මහතා කතානායකවරයාට සිය සුභ පැතුම් එක්කර සිටියේය.

පසුගිය කාලයේ ජාතිවාදය ඉස්මතු කිරීමට උත්සහා දැරූ පක්ෂ වලට ජනතා සිය අප්‍රසාදය පළ කල අකාරය පසුගිය මැතිවරණයේදි දැක ගැනීමට හැකි වු බව එ මහතා සඳහන් කළේය.

එසේම තම පක්ෂය 20 වෙනි ව්‍යාවස්ථා සංශෝධනයට අකැමැති නොමැති බවත් නමුත් එමගින් සුළු පක්ෂ වලට අසාධාරණයක් නොවන අයුරින් එය සකස් විය යුතු බව මෙහිදි එ මහතා සභාවට වැඩි දුරටත් අවධාරණ කර සිටියේය.