FAST NEWS

24×7 Around the Globe

අන්‍යතාවය තහවුරු කළ නොහැකි සියලු මුහුණු ආවරණ භාවිතය අද (29) සිට තහනම්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවේ ජාතික හා මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි මෙරට තුල ජනතාවගේ අන්‍යතාවය තහවුරු කර ගැනීමට බාධාවක් වන සියලුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය අද සිට තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර ඇත.
හදිසි අවස්ථා නියෝග යටතේ ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
මෙහිදී අනන්‍යතාවය තහවුරු කිරීමේ මූලික නිර්ණායකය වන්නේ පුද්ගලයෙකුගේ මුහුණ පැහැදිලි ලෙස නිරාවරණය කිරීමේ අවශ්‍යතාවය බවයි හදිස් අවස්ථා නියෝග යටතේ දක්වා තිබේ.
මෙරට ජාතික ආරක්ෂාව මෙන්ම කිසිදු ජන කොටසක් අපහසුතාවයට පත් නොවන සාමකාමී සහ සහජීවනයෙන් යුත් සමාජයක් ඇති කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.