FAST NEWS

24×7 Around the Globe

ප්‍රතිත්‍රස්ත පනත කඩිනමින් සම්මත කළ යුතුයි – අග්‍රාමාත්‍ය..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  විදෙස් ත්‍රස්තවාදී සංවිධාන හා එක්ව කටයුතු කරන ලාංකිකයන් සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ගැටළු මඟ හරවා ගැනීමට නම් ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සම්මත කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කළේය.
මේ අතර, බුර්කාව භාවිත කිරීම තහනම් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විරුද්ධ බවට පළ වන ප්‍රවෘත්ති අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.