FAST NEWS

24×7 Around the Globe

පුපුරණ ද්‍රව්‍ය රැගෙන එන අය හඳුනා ගැනීමට බස් රථවලට සන්නිවේදන උපකරණයක්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පුපුරණ ද්‍රව්‍ය රැගෙන බස් රථවලට ගොඩවන පුද්ගලයින් හදුනා ගැනීම සඳහා පෞද්ගලික බස් රථවල පිටුපස දොරටුවෙයි විද්‍යුත් සන්නිවේදන උපකරණයක් සවි කිරීම කෙරෙහි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය කටයුතු කර තිබෙන අතර එම සන්නිවේදන උපකරණ ගෙන්වීම සඳහා දැනටමත් මිල ගණන් කැඳවා ඇති බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේය.
මෙම උපකරණය හරහා පුපුරණ ද්‍රව්‍ය රැගෙන බස් රථයකට ගොඩ වන මගියෙකු සම්බන්ධයෙන් රියදුරා දැනුවත් කෙරෙනු ඇත.