FAST NEWS

24×7 Around the Globe

පාස්කු ප්‍රහාරයට සැකකරුවෝ දෙදෙනෙක් අත්අඩංගුවට ගැනෙති..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) -පාස්කු ඉරු දින බෝම්බ පිපිරවීමට සම්බන්ධව පොලීසියට අවශ්‍යව සිටි ප්‍රධානපෙළේ සැකකරුවන් දෙදෙනෙකු අද (28) අලුයම නාවලපිටියේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ප්‍රහාරවලින් අනතුරුව පොලීසිය නම් සහ ඡායාරූප ප්‍රසිද්ධ කළ මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල්හක් සහ මොහොමඩ් ඉවුහයිම් ෂාහිඩ් අබ්දුල්හක් යන පුද්ගලයින් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.